News

ලොව බලවත්ම කාන්තාව අතරට ශ්‍රී ලාංකික කතක්

2020 වසරේ ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුව ජාත්‍යන්තර ෆෝර්බ්(Forbes) සඟරාව විසින් එළිදක්වා තිබේ.

එම කාන්තාවන් අතරට ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක ඇතුලත්ව සිටියි.ඇය එම ලැයිස්තුවේ 29 වන ස්ථානයේ පසුවෙයි.

ඇය එක්සත් රාජධානියේ Macquarie සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂවරිය මෙන්ම ප්‍රධාන විධායක නිලධාරිනිය වශයෙන්ද කටයුතු කරයි.

එක්සත් රාජධානියේ උපත ලැබූ ඇය කුඩා කාලයේදී ශ්‍රී ලංකාවේ වාසය කර ඉන්පසු වයස අවුරුදු 13 දී ඕස්ට්‍රේලියාව බලා ගොස් ඇති අතර එහිදී අධ්‍යාපන කටයුතු සිදුකර තිබේ.

ශෙමාරාගේ පියා ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වේ.

ඇය ඕස්ට්‍රේලියාවේ විශාලතම සමාගම් 20 අතර සිටින එකම ප්‍රධාන විධායක නිළධාරිනියද වේ.

2020 වසරේ ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවේ පළමු ස්ථානය හිමි කරගෙන සිටින්නේ ජර්මන් චාන්සලර්වරිය වන ඇන්ජෙලා මර්කල් විසිනුයි.

ෆෝර්බ් සඟරාවට අනුව ඇය අඛණ්ඩව 10 වැනි වරටත් ලොව බලවත්ම කාන්තාව බවට පත්ව තිබේ.

ෆෝර්බ් සඟරාවේ තිබෙන ලිපිය……..

https://www.forbes.com/power-women/#36fa277e5e25