ලොව සුපිරි ධාවන ශූර උසේන් බෝල්ට්ටත් කොරෝනා
ලෝකයේ වේගවත්ම මිනිසා ලෙස විරුදාවලී ලද ජැමෙයිකානු ජාතික උසේන් බොල්ට් කොරෝනා වෛරසය වැළදී ඇතැයි වාර්තා වේ.
ඔහු සිය 34 වන උපන්දිනය සැමරුවේ අගෝස්තු 21 වන දා ය.
උපන්දින සැමරුම සිදුකර දිනකට පසුව මෙලෙස ඔහුට කොරෝනා ආසාදනය වී ඇතිබව අනාවරණ වී තිබේ.
එහිදී පිටතින් පැමිනි අමුත්තන්ගෙන් ඔහුට රෝගය වැළඳී ඇතැයි සැක කෙරේ.
ජැමෙයිකාවේ පැවති ඔහුගේ උපන්දින සාදයට බටහිර ඉන්දීය කොදෙව් ක්රිකට් ක්රීඩක ක්රිස් ගේල් ද සහභාගී වූ බව වාර්තා වේ.

