News

ලෝකාන්තයෙන් පහලට වැටුණු ජර්මන් ජාතික හෙදියගේ මල සිරුර සොයාගැනේ (Photos)

සෙල්ෆි ඡායාරූපයක් ගනිද්දී අඩි හාරදහසක බෑවුමක් සහිත ලෝකාන්තයෙන් පහළ වැටුණු 35 හැවිරිදි ජර්මන් ජාතික හෙදියකගේ සිරුර බලන්ගොඩ මූලික රෝහලට ගෙන ඇත.

මෙලෙස මියගොස් තිබුණේ ජූරියා එල්ගා නැමැති ජර්මන් ජාතික අවිවාහක වෘත්තියෙන් හෙදියක වූ තරුණයක් වන අතර තම මිතුරියක සමඟ නුවරඑළියේ සිට හෝර්ටන්තැන්න සහ ලෝකාන්තය නැරඹීමට පැමිණි අවස්ථාවේ මෙම අනතුරට පත්ව ඇත.

අනතුර වාර්තාවූ වහාම ඇය බේරාගැනීමට යුද හමුදාව, ගුවන් හමුදාව සහ පොලීසිය, වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගත්ත ද ඒ වනවිටත් ඇය මියගොස් තිබිණි.

ඇයගේ මල සිරුර නුවරඑළිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී මේජර් අසිත රණවීර මහතාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමත් හෝර්ටන්තැන්න වනජීවී කාර්යාලයේ නිලධාරීන් තිදෙනෙකු සමඟ පහළට බැස ගොඩ ගෙන හදිසි මරණ පරීක්‍ෂණය පැවැත්විම සඳහා බළන්ගොඩ මුලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.