News

ලෝක සාම දර්ශකයේ ලංකාව පහළට

ගෝලීය සාම දර්ශකයේ පෙරේදා (10 වැනිදා) කෙරුණු නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව ස්ථාන හතරක් පහළ බැස ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවට මෙවර එහි 77 වැනි ස්ථානය හිමිව ඇත.

එම දර්ශකයේ පළමු ස්ථානයට පත්ව ඇත්තේ ගිය වසරේද එම ස්ථානයේ සිටි අයිස්ලන්තයයි.

නවසීලන්තය එම දර්ශකයේ දෙවැනි ස්ථානයද පෘතුගාලය තෙවැනි ස්ථානයේද හිමි කර ගෙන ඇත. දකුණු ආසියානු රටවලින් ඉහළම ස්ථානයේ සිටින භූතානයට හිමිව ඇත්තේ එහි 19 වැනි ස්ථානයයි.

මෙම දර්ශකයේ අවසාන ස්ථානය වන 163 වැනි ස්ථානය අඛණ්ඩව දෙවැනි වරටත් හිමි කර ගෙන ඇත්තේ ඇෆ්ගනිස්ථානයයි.

අශිකා ජයවීර