News

වතුකරයෙන් කොවිඩ් රෝගීන් 6ක් හමු වෙලා

පුඬළුඔය, දිඹුල- පතන හා ලිඳුල යන පොලිස් බල ප්‍රදේශවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත නව රෝගීන් හතර දෙනෙකු අද (30) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

පුඬළුඔය පොලිස් වසමට අයත් මල්දෙණිය ප්‍රදේශයෙන් එක් පුද්ගලයෙකු, දිඹුල- පතන පොලිස් බල ප්‍රදේශයට අයත් ක්වින්ස්බේරී වත්තෙන් එක් පුද්ගලයෙකු, ලිඳුල පොලිස් බල ප්‍රදේශයට අයත් ෆෙයාපීල් හා ෆර්හෑම් වතුවලින් පුද්ගලයන් දෙදෙනෙකු ලෙස මෙසේ රෝගීන් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරී කියයි.

එමෙන්ම ආගරපතන පොලිස් වසමට අයත් ටොරින්ටන් වතුයායෙන් එක් පුද්ගලයෙක් හා තලවාකැලේ පොලිස් වසමට අයත් කූමුඩ් වතුයායෙන් එක් අයෙක් වශයෙනි.

මෙම සියළුම පුද්ගලයන් කොළඹ ප්‍රදේශයේ විවිධ රැකියාවන්ගේ නිරතව සිට වතුකරයට පැමිණි පුද්ගලයන් බවද සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

කොවිඩ් ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීමටත් ඔවුන්ගේ සමීපතයන් නිවෙස් තුල ස්වයං නිරෝධායනයට ලක් කිරීමටත් සෞඛ්‍ය අංශ නිලධාරීහු පියවර ගෙන තිබිණි.