වරායේ නිෂ්කාශන කටයුතු නැවතත්
කොළඹ වාරය පරිශ්‍රය තුල ගොඩගැසී ඇති බහලුම් නිදහස් කිරීම සඳහා අද (14)සහ හෙට(15) යන දිනයන් තුල නිෂ්කාශන කටයුතු සිදුකිරීමට රේගු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
වරාය පරිශ්‍රයේ ගොඩගැසී ඇති බහාලුම් කඩිනමින් නිදහස් කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධිකාරී සුනිල් ජයරත්න මහතා සඳහන් කර තිබේ.
මේ අතර කුමණ බාධා පැමිණියද වරාය කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීමට පියවර ගන්නා බව වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් දයා රත්නායක මහතා සඳහන් කරනවා.
