News

වලල්ලාවිට විදුහල්පතිවරයකුට කොවිඩ්

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විදුහල්පතිවරයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

පසුගිය 03 වැනිදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 73ක් අතරින් වලල්ලාවිට අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසලක සේවය කරන මෙම විදුහල්පතිවරයාට වයිරසය ආසාදනය වූ බවට ඉකුත් 09 වැනිදා දින රාත්‍රී ලැබුණු වාර්තාවලින් සනාථ වී යැයිද මොහුගේ ආශ්‍රිතයන් සෙවීමේ කටයුතු ආරම්භ කර ඇතැයිද සෞඛය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය මල්කා ගුණසිංහ මහත්මිය පැවසුවාය.

ප්‍රේමතිලක පෙරමුණ -වලල්ලාවිට