News

වලස්මුල්ලේ කාන්තාවක් සැකකටයුතු ලෙස පිළිස්සී මියයයි

වලස්මුල්ල හදුගල ප්‍රදේශයේ නිවසක කාන්තාවක් පිළිස්සී මියගොස් තිබෙනවා.

වලස්මුල්ල පොලීසිය පැවසුවේ අද උදෑසන 8.50ට පමණ ලද පණිවුඩයකට අනුව මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 76ක් වූ කාන්තාවක්.

මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිත අතර, වලස්මුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.