News

වව්නියාවේ ප්‍රධාන මාර්ග වැසේ

 

කොවිඩ් ආසාදිතයන් සැරිසැරීමක් හේතුවෙන් වව්නියාව නගයේ පිහිටි ප්‍රධාන මාර්ග කිහිපයක් වසා දමා තිබේ. මාර්ග තුනක් මෙලෙස වසා දමා ඇති අතර එම මාර්ග වන්නේ’ වව්නියාව නගරයේ පිහිටි බසාර් වීදිය, ධර්මලිංගම් වීදිය, මාර්කට් වීදිය යන මාර්ග තුනයි.

අද (06) දින මෙලෙස එම මාර්ග වසා දමා ඇත.

එසේම එම මාර්ගයන්හි පිහිටි වෙළඳසැල්හි වෙළඳුන් සහ සේවකයින් හදීසි පී.සී.ආර්. පරික්ෂණයකට යොමු කර ඇති බව වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය සඳහන් කරනවා.