වවුනියාව අධිකරණ සංකීර්ණය තාවකාලිකව වසා දමයි
වවුනියාව අධිකරණ සංකීර්ණය තාවකාලිකව වසා දමා තිබේ.
ඒ, රජයේ අධිනීතිඥවරයා සහ ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන්වරයෙකුට කොවිඩ්-19 වෛසරය ආසාදනය වී ඇති බවට හදුනාගැනීමත් සමගය.
ඒ අනුව මහධිකරණ විනිසුරුතුමන් ඇතුළු මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන් සහ අධිකරණ කාර්ය මණ්ඩල සාමාජිකයින් ද අද (16) දිනයේ පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කර ඇත.
වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේ වවුනියාව රජයේ අධි නීතිඥවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයාට කොවිඩ්-19 වෛසරය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග ඊයේ වවුනියාව මහාධිකරණය තාවකාලිකව වසා දැමීමට පියවර ගනු ලැබීය.
අනතුරුව රජයේ අධිනීතිඥවරයාට ද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමත් සමග දිසා අධිකරණය මෙන්ම මහේස්ත්‍රාත් අධිකරණ ද තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇත.
එම අධිකරණ තාවකාලිකව වසා දැමීම හේතුවෙන් එහි නඩු විභාග ද කල් දැමීමට ද සිදුව තිබේ.
