News

වහාම ක්‍රියාත්මක වනපරිදි ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

 

ඇහැලියගොඩ සහ ගොඩකවෙල ප්‍රදේශවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර ඇත.

මේ අනුව ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයට අයත් මින්නන, විලේගොඩ, යකුදාගොඩ, අස්ගගුල උතුර, බෝපත්ත යන ප්‍රදේශ හුදකලා කර තිබේ.

එසේම ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රක්වාන නගරය,රක්වාන උතුර,රක්වාන දකුණ,මස්ඉඹුල, කොට්ටල යන ප්‍රදේශ මෙලෙස හුදකලා කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.