වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ 10ක් හුදෙකලා කර තිබේ.
කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ අද උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි පහත දැක්වෙන ප්‍රදේශයන් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කරන බවයි.
