ව්‍යාජ වීසා යොදාගෙන කැනඩාවට යන්න උත්සාහ කළ 13ක් අත්අඩංගුවට September 17, 2020 8:00 am No Comments ව්‍යාජ වීසා බලපත්‍ර යොදා ගනිමින් කැනඩාව බලා යෑමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පිරිස ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවේ සිට දෝහා කටාර් වෙත ගොස් අනතුරුව කැනඩාවට යාමට තැත් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.