News

වාණිජ බැංකුවලට මහ බැංකුවෙන් කොන්දේසි

බලපත්‍රලාභී බැංකුවල කළමනාකරණ දීමනා හෝ අධ්‍යක්ෂ මණ්ඩල දීමනා ඉහළ දැමීම දෙසැම්බර් 31 වැනිදා දක්වා නතර කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. ඉහත සඳහන් කාලය තුළ බලපත්‍රලාභී බැංකු විසින් සිදුකරන අත්‍යවශ්‍ය නොවන සහ ප්‍රාග්ධන වියදම් හැකිතාක් දුරට වළක්වාලීමටද මහබැංකුව විසින් උපදෙස් දී ඇති අතර බැංකුවල ලාභාංශ ප්‍රකාශයට පත්කිරීම හෝ ලාභ මෙරටින් බැහැර කිරීම, තම කොටස් නැවත මිලට ගැනීමද වළක්වා ඇත.

බැංකුවල ද්‍රවශීලතා මට්ටම් ශක්තිමත් කිරීම සඳහා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත. එමෙන්ම කොවිඩ් 19 ව්‍යාප්තිය නිසා බැංකු විසින් මුහුණ පා ඇති සම්පත් හිඟතාව සහ දැනට පවතින වෙළෙඳපොළ තත්ත්වය සැලකිල්ලට ගෙන බැංකු සඳහා වාර්ෂික ඇගයීම මෙම වසරේ නොපැවැත්වීමටද තීරණය කර තිබේ.