News

වාද්දුව පොලීසියේ සියලුම නිලධාරීන් නිරෝධායනයට

වාද්දුව පොලිස් ස්ථානයේ සියලුම නිලධාරීන් නිරෝධායනය සදහා යොමු කර ඇත.

ඊයේ (02) පස්වරුවේ එම නිලධාරීන් මෙලෙස නිරෝධායනයට යොමු කර ඇති බව වාද්දුව පොලීසියේ ප්‍රකාශකයෙකු පැවසීය.

එම නිලධාරීන් වෙනුවට විවිධ ප්‍රදේශවල පොලිස් නිලධාරීන් වාදුද්ව පොලීසියේ තාවකාලිකව රාජකාරි කිරීම සදහා යොදවා ඇත.

මේ අතර පානදුර මූලස්ථාන පොලීසිය සහ පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ ද නිලධාරීන් නිරෝධායනයට යොමු කර තිබේ.