Top Story

වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි : ආනයන භාණ්ඩ සදහාත් නව නීති

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය සේවකයින් සදහා වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම අද (29වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටවන බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මන්ත්‍රීවරුන් සදහා වසරක කාලයකටත් රාජ්‍ය සේවකයින් සදහා මාස හයක කාලයකටත් වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

රුපියල අවප්‍රමාණවීම සීමා කිරීම සදහා මෙම තීරණය ගෙන ඇති අතර එම කාල සීමාව තුළදී ණයවර ලිපි වාවෘත කිරීමට ඉඩ නොදන බවද මුදල් අමාත්‍යාංශය පවසයි.

ශීතකරණ, වායු සමීකරණ යන්ත්‍ර, රූපවාහිනි, සුවද විළවුන්, ජංගම දුරකථන සහ අනෙක් දුරකථන, රෙදි සෝදන යන්ත්‍ර, ටයර් සහ පාවහන් ආනයනය කිරීමේදී එම භාණ්ඩ වල වටිනාකමෙන් 100% ක තැන්පතුවක් තැබීම අනිවාර්ය කර ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.