News

වැටුණු ව්‍යාපාර ගොඩගන්න මහ බැංකුවෙන් කෝටි 5327ක්

කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපර 20,240ක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 02 වැනිදා වන විට රුපියල් කෝටි 5327ක් මුදා හැර ඇත.

අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වන මෙම ණය යෝජනා ක්‍රමය යටතේ 4%ක වාර්ෂික පොලී අනුපාතිකයකට ණය නිකුත් කෙරේ.

ස්වයං රැකියා මෙන්ම තනි පුද්ගල ව්‍යාපාර ඇතුළු වසරකට බිලියනයකට වඩා අඩු පිරිවැටුපක් ඇති ව්‍යාපාර සඳහා රුපියල් බිලියන 150ක මුදලක් මුදා හැරීමට මේ අනුව තීරණය කර ඇත.

මාස හයක් දක්වා උපරිම සහන කාල සීමාවක්ද ඇතුළත්ව මාස 24කින් මෙම ණය ආපසු ගෙවා නිමකළ යුතුය.

බලපත්‍ර ලාභී වාණිජ බැංකු විසි හතක් මගින් මෙම බිලියන 53ක මුදල, රුපියල් කෝටි 5327ක මුදල මුදාහැර ඇත.

කෘෂිකර්ම අංශ​යේ ව්‍යාපාර සඳහා රුපියල් කෝටි 896ක, කර්මාන්ත අංශය සඳහා රුපියල් කෝටි 201ක සහ සේවා අංශයේ ව්‍යාපාර සඳහා රුපියල් කෝටි 2421ක් ණය වශයෙන් ලබාදී තිබේ.

අජිත් අලහකෝන්