වැඩට එන්න පෙන්වන්න ගුරුවරුන්ට සේවා හැඳුනුම්පත් නෑ
කොවිඩ් වසංගතයත් සමග සිය සේවා ස්ථානයට පැමිණීමේදී සේවා හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතු වුවද, දිවයිනේ කිසිදු පාසල් ගුරුවරයකුට මෙතෙක් සේවා හැඳුනුම්පතක් නිකුත් කර නොමැති බව ගුරුවරු පවසයි.
එම නිසා පාසල් මට්ටමින් සේවා හැඳුනුම්පතක් සකස් කිරීමට ඇතැම් විදුහල්පතිවරුන් මේ දිනවල කටයුතු කරමින් සිටිති.
ඒ ගුරුවරුන්ට මාර්ග බාධකවලදී හෝ වෙනත් පරීක්ෂා කිරීමකදී සිය අනන්‍යතාව ඔප්පු කිරීම සඳහාය.
අධ්‍යාපන අමාත්‍යාංශය සේවා හැඳුනුම්පතක් නිකුත් කිරීමට දැනුම් දී නැතත්, ඇතැම් විදුහල්පතිවරුන් ඒ සඳහා ක්‍රියාත්මක වෙමින් පවතින බව අමාත්‍යාංශය ද දැනුවත් බව අතිරේක ලේකම් ආර්. එම්. රත්නායක පවසයි.
දිවයින පුරා පාසල්වල ගුරුවරුන් දෙලක්ෂ විසිපන්දහසක් සේවය කරති.
උදයජීව ඒකනායක
