News

වැල්ලම්පිටියේ නිරෝධායන වන පිරිසට කන්න බොන්න නෑ

වැල්ලම්පිය, කටුපැලැල්ල ප්‍රදේශය ආශ්‍රිතව නිවෙස්වල නිරෝධායනයට ලක්ව සිටින පවුල් විශාල ප්‍රමාණයක් ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමේ ගැටලුවකට මුහුණ දී සිටිති.

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී චන්ද්‍රසිරි පරණවිතාන මේ සම්බන්ධව මෙලෙස අදහස් දැක්වීය.

කටුපැලැල්ල ප්‍රදේශයේ විශාල පිරිසක් ස්වයං නිරෝධායනට ලක්ව සිටිනවා. නිරෝධායන ඇඳිරිනීතිය පනවා මේ වන විට දින පහක් ගතව තියෙනවා.

ඔවුන් බැලීමට කිසිවකු පැමිණෙන්නේ නැහැ. ඒ අයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයා ගන්නත් බෑ. ආදායම් අහිමිවීම නිසා මුදල් නොමැතිකමත්, ජංගම වෙළෙඳුන් නොපැමිණීමත් මීට හේතුවයි.

ග්‍රාම නිලධාරීන්, සෞඛ්‍ය නිලධාරීන් හා ප්‍රාදේශීය සභාවෙන් හෝ කිසිවකු පැමිණෙන්නේ නැහැ. අස්ලවැසියන්ද බිය නිසා පැමිණ උදව් කරන්නේ නැහැ.

මේ අයට රුපියල් පන්දහසේ දීමනාව හෝ ලබා දෙන්න කියා මා ඉල්ලා සිටිනවා.

සිරිසේන ගමගේ – කොළොන්නාව