වැලිකඩ ආසාදිතයා ඇසුරු කළ 174 කට පී සී ආර් පරීක්ෂණ
වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා ආසාදනය වු බවට හදුනාගත් රැඳවියා ඇසුරු කළ පුද්ගලයින් 174 දෙනෙකු සහ කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ පිරිසක් පී සී ආර් පරීක්ෂණයට ලක් කර ඇත.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ වෛරසය ආසාදනය වු රැඳවියා කන්දකාඩු පිහිටි මත්ද්‍රව්‍යවලට අබ්බැහිවුවන් පුනුරුත්ථාපනය කිරිමේ මධ්‍යස්ථානයේ සිට ජුනි 27 වනදා වැලිකඩට මාරු කරන ලද අයෙකු බවයි.
