News

වැලි කප්පම් නිසා කොළඹට එන වැලි හැටදාහයි

කප්පම් ගෙවීමට සිදු වීම නිසා මනම්පිටියේ පටවන වැලිකියුබ් තුනක් කිලෝ මීටර් පහක් යන විට රුපියල් පහළොස් දහසක අධිලාභයක් ලබමින් අලෙවි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇත.

පසුගිය සතියේ දී දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරුන්ගේ හමුවේ දී පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල ජනපතිවරයාට පෙන්වා දී ඇත්තේ වැලිකියුබ් තුනක් කොළඹට ප්‍රවාහනයේ දී රුපියල් 45000ක අධි ලාභයක් ලබමින් අලෙවි කිරීම නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිරිස් හා ජනතාව දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි.

වැලිකියුබ් එකක් මහවැලි ගඟෙන් ගොඩ දැමීම සඳහා රුපියල් 2200ක් ලබා දෙන අතර කියුබ් තුනක් ගොඩ දැමීමෙන් පසු භූවිද්‍යා පතල් කාර්යාංශයේ තාක්ෂණ කමිටුව හා එහි ඇති ජී.එස්.එම් සමාගමේ කොවිඩ් සමග මුළුපිරිවැය රුපියල් 14800ක් බව මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් එම ස්ථානයෙන් කිලෝමීටර් පහක් ඉදිරියට පැමිණි පසු එම වැලිකියුබ් තුන සඳහා රුපියල් 35000ක් අයකරන අතර එය කොළඹට පැමිණීමේ දී රුපියල් 55000, 60000ක් අයකරන බව පවසා ඇත.

චමින්ද සේනාරත්න