වැස්සත් සමග පාචනය ඩෙංගු-මී උණ-ශ්වසන චර්ම රෝග එනවා
වැසි තත්ත්වයත් සමග ශ්වසන රෝග,පාචනය,ඩෙංගු,මී උණ සහ චර්ම රෝගවල වැඩිවීමක් සිදු වෙතැයි බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකයේ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඊයේ (27 වැනිදා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවේය.
මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ගැන ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට නිශ්චිත උපදෙස් මාලාවක් ලබාදී ඇතැයිද වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේය.
ලෙඩ රෝගවලින් මිදීම සඳහා සමාජ දුරස්ථභාවය, කිවිසුම් යාමේදී නිසි ක්‍රමවේද භාවිතය, අත් නිසියාකාරව සේදීම වැනි කටයුතු සිදුකළ යුතු බවද ඔහු කීවේය.
කුඩා දරුවන් වැස්ස, පින්න සහ සීතල තත්ත්වයන්ගෙන් ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් බවත්,උතුරා නිවාගත් ජලය භාවිත කළ යුතු බවත්,මී උණ ඇතිවිය හැකි බැවින් වර්ෂාවත් සමග වැසි ජලය එකතු වන ස්ථානවල බැසීම ඉතා අවදානම් බවද ඔහු සඳහන් කළේය.
සාලිය කුමාර ගුණසේකර
