News

වැසි හා සුළං තත්වය තව දුරටත්

 

මේ වන විට දිවයින හරහා නිරිත දිග මෝසම සක්‍රීයව පවතින බැවින් පවතින වැසි හා සුළං තත්ත්වය අද දිනයේ දී ත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකියි.

සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී 100ට වැඩි තද වැසි හා ගාල්ල, මාතර, කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මි.මී 75ට වඩා වැඩි තද වැසි අපේක්ෂා කෙරේ.

උතුරු මැදපළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.