Top Story

විග්නේශ්වරන්ගෙන් අලුත් පක්ෂයක්

නව දේශපාලන පක්ෂයක් තමා විසින් ඉදිරියේදී ආරම්භ කරන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වී.විග්නේශ්වරන් මහතා පවසයි.

“තමිල් මක්කල් කූට්ටනි” හෙවත් “ටී.එම්.කේ” යන නමින් නව පක්ෂය ආරම්භ කරන බවයි  සි.වී.විග්නේශ්වරන් මහතා ප්‍රකාශ කර ඇත.

යාපනය, නල්ලූර් කන්දසාමි කෝවිලේ පැවති දෙමළ ජනතා සභාවේ විශේෂ රැස්වීමක්  අමතමින්  ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

තමන්ගේ ඉදිරි දේශපාලන කටයුතු එම පක්ෂය හරහා සිදු කිරීමට කටයුතු කරන බව ද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.