විදෙස්ගත ලාංකිකයන් පිරිසක් දිවයිනට
ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැඳී සිටි ශ්රී ලාංකිකයන් 123 දෙනෙකු අද (08) දහවල් මත්තල ගුවන් තොටුපළින් මෙරටට පැමිණ තිබේ.
දහවල් 2.00 ට පමණ ඉන්දියාවේ විශාඛාපට්නම් ගුවන් තොටුපළේ සිට මත්තලට එම පිරිස පැමිණ ඇත.
ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැඳී සිටි ශ්රී ලාංකිකයින් 163 දෙනෙකු ද අද සවස පැමිණ තිබේ.
මෙම පිරිස සවස 3.30 ට මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපළේ සිට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.
ඔවුන් එරට සංචාරක ක්ෂේත්රයේ රැකියාවල නිරත වී සිටි පිරිසක් බව වාර්තා වේ.
පැමිණි සියලුදෙනා පී.සී.ආර් පරීක්ෂණයට යොමු කිරීමෙන් අනතුරුව නිරෝධායනයට යොමු කර තිබේ.
