විදෙස්ගත ලාංකිකයන් පිරිසක් දිවයිනට
විදෙස් රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද(21) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
කටාර් රාජ්‍යයේ සහ තායිලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 135දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ තිබේ.
කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 47 දෙනෙකු කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
තායිලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 88 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මගීන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව නීරෝධායන කටයුතු සදහා යොමු කර තිබේ .
