විදෙස්ගත ලාංකිකයන් 176ක් දිවයිනට
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විදේශ රටවල සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 176 දෙනෙකු අද(10) අලුයම දිවයිනට පැමිණ තිබේ.
කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 28 දෙනෙකු රැගෙන දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.-668 දරන ගුවන් යානය අලුයම 1.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඉන්පසුව ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 148 දෙනෙකු රැගෙන අලුයම 4.10 ට නරීටා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-455 දරන විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කර ඇත.
