News

විදෙස්ගත ලාංකිකයන් 397ක් දිවයිනට

කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදේශයන්හි සිරවි සිටි ශ්‍රි ලංකිකයන් 397 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ගෙවුණු පැය 24 තුළ ගුවන් ගමන් 06 ක් මගින් මෙම පිරිස කටුනායක ගුවන් තොටුපල හරහා දිවයිනට පැමිණ තිබේ.

එලෙස පැමිණි පිරිස අතර චෙන්නායි සිට 283 දනෙකු, ඩුබායි සිට 48 දෙනෙකු සහ කටාර් සිට 27 දෙනෙකු මෙන්ම ඉතාලියේ සිට 28 දෙනෙකු සිටියි.

තවත් ශ්‍රී ලාංකිකයින් 251 දෙනෙකු ඊයේ(31) දිනයේ රැකියා සඳහා ඩුබායි සඳහා පිටත්ව ගොස් ඇති බව ද වාර්තා වේ.