News

විදෙස්ගත ලාංකිකයන් 60ක් දිවයිනට

කොරෝනා වසංගතය හේතුවෙන් මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 60 දෙනෙකු අද (26දා) දින දිවයිනට පැමිණ තිබේ.

ගුවන් මගීන් පිරිස දහවල් 11.15 ට මාලදිවයින මාලේ ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මොවුන් සියලුදෙනා ගුවන් තොටුපළවල් තුළදීම පී.සී.ආර් පරීක්ෂණ වලට ලක්කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.