News

විදෙස් ගත ලාංකිකයින් ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් වාර වැඩිකරනවා

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් වාර ගණන ඉදිරි සතියේ සිට වැඩි කරන අතර, එලෙස පැමිණෙන සියලු දෙනා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කරමින් ඔහුගේ නිල ට්විටර් ගිණුම හරහා සටහනක් තබා ඇත.

එම පණිවුඩය හරහා අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ මුදල් ගෙවා නිරෝධායනයවීම අනිවාර්ය නොවන බවයි.

එමෙන්ම විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමේදී ඇති ගැටළු විසදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දක්වන කැපවීමට ස්තූති වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් සදහන් කර තිබේ.

එම ට්විටර් සටහන පහතින්….