News

විදෙස් නාවිකයන් පිරිසක් දිවයිනට

කොළඹ වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවය කිරීම සදහා විදේශීය මුහුදු නාවිකයන් 32 දෙනෙකු අද(21)අලුයම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත.

මෙම විදේශීය නාවිකයන් පිරිස කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම පිරිස පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව නීරෝධායන කටයුතු සදහා හෝටල් වෙත යවා තිබේ.