විදෙස් රටවල රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට
කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් විදෙස් රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 72දෙනෙකු රජයේ විශේෂ අවසරය මත අද (14) අලුයම මෙරටට පැමිණ තිබේ.
ඒ අනුව එක්සත් අරාබිද එමීර් රාජ්‍ය, කටාර් සහ ඉන්දියාවේ සිට මෙරට මොවුන් දිවයිනට පැමිණ ඇත.
අද අලුයම 12.40ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි. 264 දරන ගුවන් යානයෙන් එරට රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු මෙරටට පැමිණ තිබේ.
එමෙන්ම කටාර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටි ලාංකිකයන් 39 දෙනෙකු කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් අද අළුයම 1.45ට දිවයිනට පැමිණ ඇති බව කටුනායක ගුවන් තොටුපළ සදහන් කරයි.
කටාර් හි රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 6දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 218 දරණ ගුවන් යානය අද අලුයම 6.00 කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.
තවත් ශ්‍රී ලාංකිකයින් 24දෙනෙකු ඉන්දියාවේ සිට අද අලුයම 4.45ට චෙන්නායි හි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් 1026 දරණ විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙලෙස දිවයිනට පැමිණි සියලු ගුවන් මගීන් පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කර ඉන් අනතුරුව නිරෝධායනය සදහා යොමු කිරීමට රැගෙන ගොස් ඇත.
