News

විදේශයන් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 511ක් දිවයිනට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 511දෙනෙකු රජයේ විශේෂ අවසරය ඇතිව අද (16) දිවයිනට පැමිණ තිබේ.

ගුවන් තොටුපළ අප වාර්තාකරු පැවසුවේ ගුවන් යානා 10කින් මෙම මගීන් පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි බවයි.

එමෙන්ම තවත් ශ්‍රී ලාංකිකයින් 531දෙනෙකු ගුවන් යානා 14ක් මගින් කටුනායක සිට විදෙස් රටවල් කිහිපයක් බලා පිටත්ව ගොස් තිබේ.