විනෝදෙට නුවරඑළි යෑම තහනම්
රටේ උද්ගත වී ඇති කොරෝනා වසංගත තත්වය මත නැවත දැනුම් දෙන තුරු නුවරඑළියේ විනෝද චාරිකා පැමිණිමෙන් වැළකී සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.ආර්. පුෂ්පකුමාර මහතා ජනතාව දැනුම් දෙයි.
එසේ පැමිනෙණ පුද්ගලයන් හට නිරෝධායන නීති යටතේ කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අදාලව ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
නුවරඑළිය නගරයේ පිහිටි වික්ටෝරියා උද්‍යාණය සහ ග්‍රේගරි වැව උද්‍යානය, සඳතැන්න ඇතුළු සියළු සංචාරක ස්ථාන වසා දමා ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරයි.
