News

විපක්ෂය ජනතාව තුළ වර්ගවාදී ආකල්ප වපුරනවා

පාර්ලිමේන්තුවේ වර්තමාන විපක්ෂය ජනතාව තුළ ජාතිවාදී හා වර්ගවාදී ආකල්ප ඇති කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටින බව හිටපු ඇමැතිවරයකු වන මංගල සමරවීර ප්‍රකාශ කරයි.

මින් පෙර වතාවේ පාර්ලිමෙන්තුවේ විපකෂය නියෝජනය කළ කණ්ඩායම කළාක් මෙන්ම වත්මන් විපක්ෂ කණ්ඩායමද එම ආදර්ශයට අනුව යමින් කටයුතු කරන බවද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හිටපු මුදල් ඇමැතිවරයා පවසා තිබේ.

‘‘පාර්ලිමේන්තුවේ විපක්ෂය මීට පෙර විපක්ෂයේ සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන් ජාතිවාදී හා වර්ගවාදී ආකල්ප ඇති කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටීම කනගාටුවට කරුණකි. ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ විකල්ප දැක්මක් මිස වර්තමාන පාලන තන්ත්‍රයේ ජාතිවාදී බහුතරවාදී ප්‍රතිපත්තිවල අනුපිටපතක් නොවේ’’ යැයි එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වේ.

නයන තරග ගංමගේ