විවාහ මංගල උත්සවයේ මනාලියට කොවිඩ්
අලුත්ගම ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයක මනාලිය ඇතුළුව ඊට සහභාගී වූ පුද්ගලයින් 26 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ (27)අනාවරණය වී තිබේ.
කළුතර, මග්ගොන ප්‍රදේශයේදී ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකට ලක් වූ පයාගල, පොතුවිල ප්‍රදේශයේ පුද්ගලයෙකු පසුගිය දිනක කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ඉකුත් 16 වන දින අලුත්ගම ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට ඔහු සහභාගී වූ බව ඔහුගේ ආශ්‍රිතයන් පිළිබඳ කළ විමසීමකදී ප්‍රකාශ කර ඇත.
ආසාදිතයා හඳුනා ගැනීමත් සමඟ එම උත්සවයට සහභාගී වූ සියලු දෙනා වෙනුවෙන් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදු කර ඇති අතර එහිදී මනාලිය ඇතුළු පුද්ගලයින් 26 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බව හෙළි වී ඇත.
හඳුනාගත් ආසාදිතයින් අතර උත්සව ශාලාවේ සේවකයින් දෙදෙනෙකු ද සිටි බැවින් අදාළ උත්සව ශාලාව තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
