News

විවාහ වීමට සිටි යුවළක් සේර ඇළට ඇද වැටෙයි

ලග්ගල පොලිස් බල ප්‍රදේශයට අයත් නකල්ස් භූමියේ පිහිටා ඇති සේර ඇල්ල නැමැති ස්ථානයේ ඡායාරූප ලබා ගැනීමට ගිය විවාහ වීමට සිටි යුවලක් සේර ඇල්ලට ඇද වැටී තරුණයා අතුරුදන්ව තිබේ.

මෙසේ දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකු බව ලග්ගල පොලීසිය පවසයි.

තරුණිය තවත් පිරිසක් විසින් ඊයේ (28) දින පස්වරුවේ බේරා ගෙන ඇතැයි ලග්ගල පොලීසිය සඳහන් කරයි.

එළැඹෙන මාසේ විවාහ වීමට නියමිතව සිට ඇති මෙම යුවළ සිය දෙමව්පියන් ද සමග කුරුණෑගල ප්‍රදේශයේ සිට ලග්ගල රිවස්ටන්, නකල්ස් ආදී ප්‍රදේශවල ඡායාරූප ගත කිරීම් සඳහා පැමිණ තිබේ.

පසුව රිවස්ටන් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 12ක් පමණ දුරින් පිහිටි ඉලුක්කුබුර සේර ඇල්ල නැමැති ස්ථානයේ ඡායාරූප ගැනීමට යෑමේ දී එක්වරම පය ලිස්සා තරුණයා සහ තරුණිය ජලයට ඇද වැටී තිබේ.

එහෙත් අතුරදන් වු තරුණයාගේ සිරුර සොයා ගැනීමට නොහැකි වී ඇතැයි පොලීසිය පවසයි.

මෙම අතුරුදන් වූ තරුණයා සෙවීම සඳහා නාවික හමුදාවේ කිමිදුම් අංශයට දැනුම් දුන් බව ලග්ගල පොලීසිය කියයි.