විශේෂඥයින්ගේ මතයෙන් ගැටළුව විසඳා ගනිමු
කොවිඩ් ආසාදිත මළ සිරුරු සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (23) ගාල්ල බෙලිගහ ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින නව අධිකරණ ශාලා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වන අතරවාරයේදීයි.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ කොවිඩ් මළසිරුරුවල අවසන් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන්, විද්වතුන්, විශේෂඥයින් සමග සාකච්ඡා කර ඔවුන්ගේ මත සමග මෙය විසදාගත යුතු බවයි.
ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ලැජ්ජාවට කරුණක් නොවන බව ද අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා වැඩිදුරටත් සදහන් කරයි.


