News

වේ ගගේ මැණික් කැණීමට අවසර

වේ ගගේ මැණික් කැණීමට අවසර

රත්නපුර වේ ගගේ මැණික් කැණීම සඳහා අවසර දීමට මැණික් හා ස්වරණාභරණ අධිකාරිය තීරණය කර තිබේ.

මේ යටතේ දෑල පාලම සිට එරබද්දාව දක්වා ගඟ ඉහළට මැණික් කැණීමට අවසර ලබා දෙන බව මැණික් හා ස්වරණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා සඳහන් කරයි.

දිගු කාලයක සිට වේ ගගේ නීති විරෝධී මැණික් ගැරීම් සිදුවී ඇති බැවින් ගඟ ආශ්‍රිත පරිසර පද්ධතියට ද දැඩි බලපෑම් එල්ල වී තිබේ.

නව ක්‍රමවේදය යටතේ කැබලි 53කට බෙදා ගං දැලේ මැණික් කැණීමට අවසර දෙන බව ද තිලක් වීරසිංහ මහතා සඳහන් කරයි