News

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (18 වැනිදා) සවස පක්ෂ මූලස්ථානයේදී රැස්වෙයි.

පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේදී ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බව පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක පැවැසීය. එමෙන්ම මැතිවරණයට අදාළව මැතිවරණ කොමිසන් සභාවේ ක්‍රියාකලාපය පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන බවත් හෙතෙම කීවේය.

නිලන්ත මදුරාවල