News

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියල්ලෝම අද කොළඹට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික්ක සංවිධායකවරුන් අද කොළඹට කැඳවා තිබෙනවා.

පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ සාකච්ඡාවක් සිදුකිරීම සදහා මෙම කැඳවීම සිදුකර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එහිදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද නියමිතයි.

මෙම සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරු 5.00ට පැවැත්වීමට නියමිත බවයි පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේ.