ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් විශේෂඥ කමිටුවක් පත්කරයි
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් විශේෂඥ කමිටුවක් පත්කර ඇත.
මේ සඳහා ජනාධිපති නීතිඥ නිහාල් ජයමාන්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ ජනාධිපති නීතිඥවරුන් 13 දෙනෙකු සහ තවත් නීතිඥවරුන් දෙදෙනෙකු සාමාජිකත්වය දරන බව එම සංගමය පවසනවා.
එම කමිටුව විසින් විධායක කමිටුව සහ නීති කවුන්සිලය විසින් ඉදිරිපත් කරනු ලබන අදහස් සැළකිල්ලට ගැනීමට නියමිත බව වාර්තා වනවා.
යුක්තිය පසිඳලීමට බලපාන නීති ප්‍රමාදයන් සහ වෙනත් ආශ්රිත කරුණු විසඳීම සඳහා තවදුරටත් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ සලකා බැලිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බොහෝ අංශ පිළිබඳව කමිටුව මගින් අවධානය යොමු කරනු ඇත.
