ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට
විදේශ රටවලට අයත් නෞකා වල සේවය කළ ශ්‍රී ලාංකිකයන් ඇතුළු ගුවන් මගීන් 55 දෙනෙකු අද (27) දින අලුයම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි බව ගුවන්තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .
මෙම පිරිස අතර විදේශ රටවලට අයත් නෞකා වල සේවය කරන 47 දෙනෙකු සහ ශ්‍රී ලංකාවේ පිහිටි විදේශ තානාපති කාර්යාල වල සේවය කරන පවුල් 02 කට අයත් නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් 08 දෙනෙකු ද කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටි බව එම නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .
මොවුන් අද(27) දින අලුයම 1.30 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර පිරිස පී.සී.ආර්. පරීක්ෂණ වලට ලක් කිරීමෙන් අනතුරුව නීරෝධායන කටයුතු සදහා යොමු කර තිබේ.
