News

ශිෂ්‍යත්වෙන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත්වන කඩයිම් ලකුණු මෙන්න

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමත් සමඟ කඩයිම් ලකුණු ද විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ.

කඩඉම් ලකුණු යටතේ සිංහල මාධ්‍ය ඉහළම ලකුණු සංඛ්‍යාව වන 169 දිස්ත්‍රික්ක 09 කට වෙන් වී තිබේ.

අඩුම කඩඉම් ලකුණ සංඛ්‍යාව වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්ක සඳහා වෙන් කර ඇති අතර එය 157 ක් වේ.

දෙමළ මාධ්‍ය ඉහළම කඩඉම් ලකුණ 162ක් වන අතර අවම කඩඉම් ලකුණු සංඛ්‍යාව 155ක් වේ.

මෙවර ශිෂ්‍යාධාර ලබා දෙන සිසුන් සංඛ්‍යාව 20,000ක් වන අතර ඉන් ශිෂ්‍යත්ව 250ක් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වෙන් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

සිංහල සහ දෙමළ මාධ්‍යන් සඳහා එක් එක් දිස්ත්‍රික්කයන් වෙනුවෙන් නිකුත් කළ කඩයිම් ලකුණු පහත දැක්වේ.