News

සංගමන් කන්ද තුඩුව මුහුදේ මිලියන 3ක තෙල් ගිනි ගනී

සංගමන් කන්ද තුඩුවට නාවික සැතපුම් 38ක් දුරින් මුහුදේ තෙල් ප්‍රවාහනය කරමින් සිටි නැවක ගින්නක් හට ගෙන තිබේ.

මේ වන විට තෙල් නැවේ කාර්ය මණ්ඩලය මුදවා ගැනීමේ කටයුතු නාවික හමුදාව විසින් සිදු කරමින් පවතින බව වාර්ථා වෙයි.

පැනමා රජයට අයත් MT NEW DIAMOND නැමැති නෞකාවේ අදාල ගින්න හට ගෙන ඇත.

තෙල් නැවේ තිබෙන එන්ජින් කාමරේ මෙම ගින්න හට ගෙන ඇති බවත් මිලියන 3ක පමණ තෙල් ප්‍රමාණයක් තිබූ බවට ගණනය කර තිබෙන බවද සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කරයි.

නෞකාව කාර්යය මණ්ඩල සාමාජිකයින් 23 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ සහායට නාවික හමුදාවේ නෞකා 3 මේ වනවිට පිටත් කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත.