සංචාරකයන්ට හොඳම දූපත ලංකාව
සංචාරකයන් වෙනුවෙන් වූ ලොව හොඳම දූපත ලෙස ඔස්ට්‍රේලියාවේ එස්කේප් (Escape) ආයතනය ශ්‍රී ලංකාව නම් කර ඇත.
එස්කේප් (Escape) යනු ඔස්ට්‍රේලියාවේ අංක එකේ සංචාරක සන්නාමය වන අතර එය නිවාඩු නිකේතන, සුවිශේෂී ගනුදෙනු, උපදෙස්, ප්‍රවණතා හා ප්‍රවෘත්තිවලින් සංචාරකයන්ට තොරතුරු ලබාදෙනු ලබයි. ඉරිදා සහ අඟහරුවාදා යන දිනවලදී එස්කේප්, ඔස්ට්‍රේලියානු ප්‍රවෘත්ති මාධ්‍ය ඔස්සේද සංචාරකයන් දැනුවත් කිරීම සිදුකරයි.
ශ්‍රී ලංකාව අංක එකේ ගමනාන්තය ලෙස නම් කරමින් එස්කේප් මෙසේ ප්‍රකාශ කර ඇත.
‘‘ශ්‍රී ලංකාව 2019දී ලෝන්ලි ප්ලැනට් (Lonly Planet) විසින් ලොව ප්‍රමුඛතම ගමනාන්තය ලෙස නම් කරන ලදී. නමුත් ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කු ප්‍රහාරය හේතුවෙන් රටේ සංචාරක කර්මාන්තය විශාල ලෙස පීඩාවට පත්විය.
කෙසේ වෙතත් දැන් තත්ත්වය වෙනස් වෙමින් පවතී. මෙවර එය ශ්‍රී ලංකාව වෙනුවෙන් සංචාරකයන් ඡන්දය ප්‍රකාශ කර තිබේ. සංචාරය හා සුවපහසු ගිමන් නිවා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව අංක එකේ දූපත ලෙස නම්කර ඇත.
වෙරළ තීරය සහ සමුද්‍රීය ජාතික උද්‍යාන කීපයක්ම රට සතුව පවතින අතර එය සෑම කිමිදුම්කරුවකුගේම සිහිනයකි. අලි ඇතුන්, දිවියන් සහ වඳුරන් වාසය කරන වනාන්තර සහ තේවතු සහිත ශ්‍රී ලංකාව සුඛෝපභෝගී නවාතැන් පිරිනැමීම සහ රසවත් ආහාර පිළිබඳව ද ප්‍රමුඛයකු වේ’’
නයන තරංග ගමගේ
