News

සංචාරක මගපෙන්වන්නන්ගේ දීමනාවට මැකෝගෙන් සීමා

ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන් හා රියැදුරන්ට රජයෙන් ගෙවීමට තීරණය කළ මුදල මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් අත්හිටුවා ඇතැයි සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේය.

සංචාරක මාර්ගෝපදේශකයින්ට රුපියල් 20,000 ක් සහ රියැදුරන්ට රුපියල් 15,000 ක් ගෙවීමට කැබිනට් අනුමැතිය ලැබුණු නමුත් එම මුදල ගෙවීම අත්හිටවූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඒ වෙනුවට රුපියල් 10,000ක් පමණක් ගෙවන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇතැයි ද කීය.

එමගින් මැතිවරණ කොමිසම අවධාරණය කරන්නේ තවත් අමතර මුදලක් ගෙවිය යුතු නම් එය අගෝස්තු 10 වැනිදාට පසු ගෙවීම සුදුසු බව යැයි ද ඇමැතිවරයා කියා සිටී

කෙසේ වෙතත් මැතිවරණ කොමසාරිස්වරයා අනුමත කළ රුපියල් 10,000 දීමනාව ගෙවීමට වහා කටයුතු කරන ලෙස සංචාරක සංවර්ධන අධිකාරියට ඇමැතිවරයා උපදෙස් දී තිබේ.

එමෙන්ම රජය පොරොන්දු වූ රුපියල් 20,000 හා 15,000 ක මුදලද ඉදිරියේ දී අනිවාර්යයෙන්ම ලබා දීමට කටයුතු කරන බවද ඇමැතිවරයා කියයි.