සඟවා ඇති ආයුධ සොයන්න CIDය පොඩි ලැසී කැඳවා ගෙන යයි
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසී නැමැත්තාට අයත් T56 ගිනි අවියක් සහ රිවෝල්වරයක් තෙල්වත්ත ප්‍රදේශයේදී අද(24) රහස් පොලීසිය විසින් සොයා ගෙන ඇත.
එය සොයා ගැනීම සඳහා පොලීසිය පොඩි ලැසීවද කැන්දවා ගෙන ගොස් තිබිණි.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට මරන තර්ජනය කළැයි අපරාධ පරීක්ෂණ් දෙපාර්තමේන්තුව බාරයේ රදවා ගෙන ප්‍රශ්න කල පොඩි ලැසී මේ වන විට ඇප මත නිදහස්ව සිටී.
මාකදුරේ මධූෂ් ගේ ඝාතනයෙන් පසු තමන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඊයේ(23) පොඩි ලැසී අධිකරණයට ගොස් ඉල්ලීමක්ද කර ඇත.
තිස්සරවීන්ද්‍ර
සොයාගත් ආයුධ පහත දැක්වේ.

