සජබ මන්ත්රීවරු 10ක් මහර බන්ධනාගාරයට
බන්ධනාගාර ගැටුම ඇති වූ ආකාරය සහ තත්වය විමසීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්රීවරු 10දෙනෙකු මේ වන විට මහර බන්ධනාගාරයට ගොස් ඇති බව වාර්තා වේ.
හරින් ප්රනාන්දු මන්ත්රීවරයාගේ ප්රධානත්වයෙන් එම මන්ත්රීවරු පිරිස මහර බන්ධනාගාරයට ගොස් ඇති බව පැවසේ.
නලින් බණ්ඩාර, දිලිප් වෙදආරච්චි, රෝහිණී කවිරත්න, හර්ෂණ රාජකරුණා, ජේ.සී. අලවතුවල, මුජිබර් රහුමාන්, හෙක්ටර් අප්පුහාමි හා රෝහණ බණ්ඩාර යන මන්ත්රීවරු මෙසේ මහර බන්ධනාගාරයට ගොස් තිබෙනවා.
