සතිඅන්තයේ දුම්රිය ධාවනයේ වෙනසක්
හෙට (09) සහ අනිද්දා (10) යන දින දෙක තුළ දුම්රිය ගමන්වාර 19ක් ධාවනය කිරීමට සැලසුම් කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ,
මුහුදු බඩ මාර්ගයේ ගමන් වාර 07ක්
ප්රධාන මාර්ගයේ ගමන් වාර 06ක්
පුත්තලම මාර්ගයේ ගමන් වාර 03ක්
කැළණිවැලි මාර්ගයේ ගමන් වාර 02ක්
උතුරු මාර්ගයේ එක් දුම්රියක් ධාවනය කරන බවයි.
දෙමටගොඩ දුම්රිය ස්ථානයේ පමණක් දුම්රිය නැවැත්වීම් සිදුනොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.
